පිටකොටුව තොග වෙළෙඳපොළේ සුදු සීනි තොග මිල අඩු වී ඇති බව සීනි ආනයනකරුවෝ පවසනවා.
පසුගිය දිනවල රුපියල් 250 – 260 වශයෙන් පැවති සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 235 දක්වා පහත බැස ඇති බවයි ඔවුන් පවසන්නේ .
විශේෂයෙන් ඩොලරයේ අවප්‍රමාණය වීම සුදු සීනි තොග මිල අඩුවීමට හේතු වී වුණ බව ආනයනකරුවෝ සඳහන් කරනවා.