දැනට පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලබා සිටින හිටපු මන්ත්‍රීන් සහ මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 424 දෙනකුට මෙම වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් තිස්තුන් කෝටියක් (රු. 330000000) ක් අයවැය මගින් වෙන්කර තිබේ.
පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීන් මෙම සංඛ්‍යාවට අයත් නොවේ.
‘දේශය’ පුවත්පත වාර්තා කර ඇති පරිදි වසර 5 ක අවම සේවා කාලයක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරයකුට සියලුම දීමනා ද සහිතව මසකට රුපියල් 57,620 ක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස හිමිවෙයි.
මැතිසබයේ වසර 15 ක් හෝ ඊට වැඩි කාලයක් සිටි මන්ත්‍රීවරයකුට සියලුම දීමනා සහිතව ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප රුපියල් 75,715 කි.