Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොදෙව්වන්ට කඩුලු 5ක පහසු ජයක්

8 months ago 1.7 K

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (13) පැවති පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී පසුකර යාමට සමත් වුනා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් සමත් වූහ.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් පැවැත් වූහ.

ඉන් බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11ක් ඇතුළත් විය.

එමෙන්ම ලුවිස් ලකුණු 50ක් රැස්කළ අතර, පන්දු 28කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවා ගත් අතර මහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් කිං සම්මාන දිනාගත්තා.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය අතර 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගත්තේය.

දෙරට අතර පවත්වන දෙවැනි විස්සයි20 තරගය හෙට (15) දඹුල්ලේදීම පැවැත්වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *