Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්! අයෙක් මරුට! 19 කට තුවාල!

8 months ago 4.5 K

දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (14) උදෑසන 06.30ට පමණ පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමෙන් එක් අයකු මියගොස් තවත් සේවකයෝ 19 දෙනකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මීගමුව මහ රෝහලට ඇතුළත් කළ 50 හැවිරිදි කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි, පොලීසිය සඳහන් කළේ.

තුවාල කරුවන් මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

පෙරදින රාත්‍රී ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *