නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මාස තුනක අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නොවැම්බර් මස නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව අයවැයක් ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බවයි, ඔහු පෙන්වා දුන්නේ.
2025 වසරේ මුල් මාස හතර සඳහා රජය අත්‍යවශ්‍ය වියදම් සහ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් සහ අයවැයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම මෙම අතුරු සම්මත ගිණුම හරහා සිදුකරගනු ඇති.
ඉන් අනතුරුව විද්‍යාත්මක පදනමක් මත දැනට පවතින අමාත්‍යාංශ සහ ඒවායේ සේවා වෙන්කර ගැනීම්, ඒවා ගැසට් කිරීම සිදුකිරීමට නියමිතයි.
එලෙස විධිමත් ආකාරයට අමාත්‍යාංශ හා විෂයන් වෙන්කර ගැනීමෙන් පසු වසර 2025 සඳහා සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කිරීම සිදු කෙරෙනවා.
මෙම වසර 2025 සඳහා වූ සම්පූර්ණ අයවැය ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය ක්‍රියාකරනු ඇතැයි දේශපාලන සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.