Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකාව BRICS සාමාජිකත්වය ඉල්ලයි

7 months ago 5.1 K

BRICS සංවිධානයේ සහ New Development Bank හි සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත.

2024 ඔක්තෝබර් 23 සිට 24 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ කසාන් නුවර පැවැත්වෙන BRICS සමුළුවට ඉදිරි මැතිවරණ හේතුවෙන් තමාට සහ ජනාධිපතිවරයාට සහභාගී වීමට නොහැකි බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් පැවසීය.

ඒ අනුව විදේශ කටයුතු ලේකම්වරිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වන අතර සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම වාර්තා කරනු ඇත.

විදේශ ඇමැතිවරයා කියා සිටියේ තමන් දැනටමත් BRICS සාමාජික රටවල සහාය ඉල්ලා සිය සගයන් වෙත ලිපි යොමු කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ රාමුව තුළ ශක්තිමත් සහ බහුපාර්ශ්විකත්වය තුළින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව, සාමය සහ සංවර්ධනය සඳහා වූ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා BRICS ඵලදායී හවුල්කාරිත්වයක් ලෙස ශ්‍රී ලංකාව සළකන බව ද ඔහු පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *