Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හමාස් නායකයා මරුට

8 months ago 5 K

හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළා.

හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදා ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණයක් ලෙසයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායල හා හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය මෙතෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙසද  මෙය හදුන්වනවා.

ගාසා තීරයේ රෆා ප්‍ර දේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔහු ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

ඊට අදාළ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.

යාහියා සින්වාර් ජීවිතක්ෂයට පත්වීම හමාස් සංවිධානයේ පසුබෑමට හේතුවනු ඇති බවට ද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

එහෙත් මෙය දෙපාර්ශ්වය අතර යුද ගැටුම්හි අවසානය නොවන බවටයි ඔවුන් තවදුරටත් පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *