පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙනින් ඔහු මේ බව පැවසීය.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයන් එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඒ සම්බන්ධයෙන් අතිශය රහසිගත ලිපියක් එවකට නියෝජ්‍ය පොලිස්පතින් රවී සෙනවිරත්න මහතාට ලිපියක් දැනුම් දී තිබූ බව වාර්තාවල ඇති බවත් හෙමෙ පැවසුවේය.
දින 12ක් තිස්සේ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන තිබූ බවද රවී සෙනවිරත්න මහතා වහා ක්‍රියාත්මක වූයේ නම් නම් අදාළ බෝම්බකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බවද ඔහු පැවසීය.
මෙම අපරාධය වලක්වා නොගැනීමෙ හේතුවෙන් රවි සෙනෙවිරත්න මහතාට අපරාධ නීය යටතේ දඬුවම් දිය යුතු බව අදාල වාර්තාවේ 41 වැනි පිටුවේ දැක්වෙය බවත් හෙතෙම පැවසුවේය.
එමෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද අදාළ රාජකාරී නිසි ලෙස ඉටු නොකිරීම මත අපරාධ නඩු පැවරිය යුතු බව වාර්තාවේ නිර්දේශ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
රජයේ නිලධාරින් දා හත් දෙනෙකුට අපරාධ නඩු ගොනු කිරීමට මෙම වාර්තාවේ නිර්දේශනය කර ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙළි කළ යුතු බව පැවසූ මාලිමාව බලයට පත්වූ පසු එය සිදු කිරීමට කිසිඳු උත්සහයක්වත් නොගන්නා බවට ඔහු එහිදී චෝදනා කළේය.
මේ අතර තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් භාරදීමට දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු අමාත්‍ය විජිත හේරත් මහතාට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ද යොමු කළ බව පසුගියදා ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
එමෙන්ම ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ නොකරන බවද පැවසූ ඔහු කියා සිටියේ කොමිෂන් වාර්තා පමණක් ප්‍රසිද්ධ කරන බවයි.