Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හලාවත ඛේදවාචකයේ සුළමුළ හෙළි වෙයි! ඝාතන ද්විත්වයක් සහ සියදිවි නසා ගැනීමක්!

5 months ago 15.5 K

හලාවත, සිංහපුර ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ, දේහයන් සම්බන්ධයෙන් හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදීයි.

එහිදී අනාවරණ වී ඇත්තේ මව පසුගිය 19 වෙනිදා පෙරවරුවේත් දියණිය එදින රාත්‍රියේත් ඝාතනයට ලක්ව ඇති බවය. 

ඝාතනයේ සැකය දියණියගේ පියා දෙසට එල්ලවන නමුත් ඒ බව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

පියාගේ මරණය සිදුවී ඇත්තේ, ශරීරයේ ඇති වූ පිලිස්සීම් හේතුවෙන් බවයි, හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, ඉලංගරත්න බන්ඩා මහතා ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය 20 වැනිදා අලුයම හලාවත – සිංහපුර, දෙමහල් නිවසක ඇති වූ බව කියන ගින්නකින් එකම පවුලේ මව, පියා සහ දියණිය මරණයට පත් වුණා.

එය ඝාතනයක් ද නැත්නම් සියදිවි නසාගැනීමත් ද යන සැකය විමර්ශන නිලධාරින්ට ඇතිවී තිබුුුණා.

මියගිය කාන්තාව පසුගිය 19 වැනිදා පෙරවරුවේ ඝාතනය වී ඇති අතර ගෙලට තියුණු ආයුධයකින් පහර 06ක් එල්ල කර ඇති බවත් අධික ලේ වහනය නිසා ඇගේ මරණය සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණි.

පොලීසිය පවසන්නේ ඝාතනයට ලක්වූ දියණිය උපකාරක පන්තියකට ගොස් සිය මිතුරියෙකගේ නිවසේ සිටියදී ඇගේ පියා පැමිණ පසුගිය 19 වනදා පස්වරුවේ නිවසට රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති බවය.

පසුව එදින රාත්‍රියේ ඇය ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

දියණියගේ ගෙලෙහි කැපුම් තුවාල 02ක් තිබුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇත.

මෙම සිද්ධි පෙළ සිදුවන අවස්ථාවේ දියණියගේ පියා අධික ලෙස බීමතින් සිටි බව හෙළි වී ඇතැයි ද පොලීසිය පවසයි.

ඉන් අනතුරුව ඔහු ද ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.

කෙසේවෙතත් තවමත් මෙම ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පොලීසිය සැක පළකරන්නේ මෙය අඹු -සැමියන් අතර ඇතිවූ ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *