Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කලා ලොවට කිසිඳා අමතක නොවන නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී අජිත් ආරියරත්න දිවි සැරිය නිම කරයි

7 months ago 4.3 K

ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ගායන ශිල්පි අජිත් ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් එලෙස අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු වුණා. 

ඔහු ගැයූ ගීත අතර “තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි”, “හදවතින් සෙනෙහස පුරා”, “දයාබර දිලූ කියා”, “මා ගයන ගීතයේ”, “ඔබ වෙනුවෙන් මේ ලෝකයේ”, “රැයක දුටුව සිහිනයක්” යන ගීත අතිශය ජනාදරයට පත් ගීත වනවා.

ගායන ශිල්පි අජිත් ආරියරත්න මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *