Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිරියානි කෑමෙන් මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට

7 months ago 17.2 K

හෝටලයකින් මිලදී ගත් බිරියානි කෑම පාර්සලයක් අනුභව කොට ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ අසාත්මිකතාවයෙන් පසුව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ හානි නිසා මරණය සිදුව තිබෙන බවයි.

ගිරිඋල්ල නගරයේ හෝටලයකින් මිලදී ගත් ආහාර පාර්සලයක් මෙසේ අනුභව කළ බවයි වාර්තා වන්නේ.

ඇති වූ අසාත්මිකතාව හේතුවෙන් සිසුවිය දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ (15) හැවිරිදි ගිරිඋල්ල, මැද්දෙපොල, හේන්යාය ප්‍රදේශයේ පදිංචි සිසුවියක්.

හෝටලයකින් රැගෙන ආ කෑම පාර්සලය මියගිය සිසුවිය තවත් තිදෙනෙකු සමග ආහාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ආහාර අනුභවයෙන් පසුව ආසාත්මිකතාවය ඇති වී තිබෙන්නේ මැයට පමණක් බවයි පැවසෙන්නේ.

බිරියානි කෑම පාර්සල් දෙකක් මියගිය අයගේ සහොදරයා විසින් මිලට ගෙන තිබෙන අතර ඒවා නිවසේ සිට අනුභව කොට ඇතැයි ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීකෂක ජනක සමරකෝන් හිරු නිවුස් වෙත පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *