Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආසියානු නැගීඑන ක්‍රිකට් කිරුළ ඇෆ්ගනිස්තානයට

7 months ago 1.2 K

ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’කණ්ඩායම සමත් විය.

ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේදී පැවැත් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 134ක ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 19(18.1) වැනි පන්දුවාරයේදී පහසුවෙන් පසුකර යාමට ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ සමත් වූහ.

ආසියානු අවුරුදු 23න් පහළ තරගාවලියක් ලෙසින් 2013 වසරේදී ආරම්භ වී පසුව ආසියානු නැගීඑන කණ්ඩායම් තරගාවලිය ලෙසින් සංශෝධනය වූ මෙම තරගාවලි ඉතිහාසයේ, ඇෆ්ගනිස්තානය ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම ඔවුන් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ එකම අවස්ථාව ද මෙයයි.

කෙසේ නමුත් මෙම තරගාවලි ඉතිහාසයේ දෙවරක් (2017, 2018) ශූරයන් වී සිටි ශ්‍රී ලංකාවට මෙවර පළමුවරට අවසන් මහා තරගයක් පරාජය වීමට සිදුවිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *