ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන අලුත් දේශපාලන පක්ෂ සහ සන්ධාන රැසක් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වනවා
ඒ අනුව පක්ෂ සහ සන්ධාන 7ක් පමණ විවිධ දේශපාලන නායකයන් විසින් නිර්මාණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේවන විටත් හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් සන්ධාන දෙකක් නිර්මාණය කිරීමට නියමිතයි.
මේ අතර තවත් දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය සරත් වීරසේකර සහ රොෂාන් රණසිංහ යන මැති ඇමැතිවරුන් කටයුතු කරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
මේ සියලු දෙනාට අමතරව පසුගියදා රජයට සහාය දීමට එක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සහ ගාලුමුවදොර සර්ව පාක්ෂික අරගලකරුවන්ද නව දේශපාලන සන්ධාන දෙකක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වනවා.
මේ අතර දේශපාලන පෙරළි රැසක්ද ඒ අතර සිදුවීමට නියමිතයි.
ඒ අනුව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළා.
වර්තමාන කැබිනට් ඇමැතිවරයකු මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරයකු දැනටමත් එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
එසේම මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද සඳහන්.
ඔවුන් තිදෙනාම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එජාපයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි