Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විජයගේ පළමු දේශපාලන රැස්වීමට මහා ජන ගඟක් 

8 months ago 9.6 K

ඉන්දීය නළු තලපති විජේ සිය නව පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂයේ මංගල දේශපාලන රැළිය පවත්වා තිබුනා 

සමාරම්භක උත්සවය ඔක්තෝබර් 27 වන දින තමිල්නාඩුවේ වික්‍රවන්දි හිදී පැවැත්වුණු අතර, ආධාරකරුවන් සඳහා අති විශාල පිරිසක් එක වී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

50 හැවිරිදි සී. ජෝසප් විජේ තමිලාග වෙට්‍රි කසාගම් නියෝජනය කරමින් 2026 වසරේ ප්‍රාන්ත මැතිවරණයට එක් වනවා.

ඔහු දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ  

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව කළේ දේශපාලන ක්ෂේත්‍රයට සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්. 

තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ පක්ෂය විවේචනයට ලක් කරමින් එහිදී ඔහු පවසා සිටියේ එක් පවුලක් ද්‍රවිඩ ජනතාවගේ මතවාදයන් ඔස්සේ ප්‍රාන්තය කොල්ලකෑමට උත්සහ දරණ බවයි.

තවද කාන්තා හිංසනයන්ට ලක්ව සියදිවි නසාගැනීම් කටයුතු කළ අය විජය සිහිපත් කළ අතර, ඔහුගේ දේශපාලන ජීවිතය තුළ කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද  ඔහු එහිදී සඳහන් කර සිටියා.

2026 ප්‍රාන්ත සභා මැතිවරණයේදී තම පක්ෂය වන TVK තනි විශාලතම පක්ෂය බවට පත් කිරීම සැලසුම බව ඔහු පැවසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *