අම්පාර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ඇතුලු නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා අල්ලස් වශයෙන් ලබාදීමට උත්සාහ කර ඇති මුදල රුපියල් 300කි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ, අම්පාර පොලිස් ස්ථානයේ ස්ථාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රාජකාරියේ යෙදීසිටිය දී ය.
මොරවිල්ලාරු පාලම අසල දී අදාළ පුද්ගලයා විසින් වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා ඇත.
එහිදී බලපත්ර පරීක්ෂා කිරීමේ දී අදාළ බලපත්ර අත්සන් නොකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 300/= ක මුදලක් මෙම පුද්ගලයා නිලධාරීන්ට ලබා දීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඒ සම්බන්ධයෙනි.