මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව අද(30) දිනයේ දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
එම කාර්යාලවල සේවකයින්ට අද දිනයට අමතරව නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්ය සේවකයින්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් නිවේදනය කරන්නේ
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ආයතන හැඳුනුම්පත භාවිත කළ නොහැකි බව සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේය.