Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උපුල් තරංග එරෙහි වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

6 months ago 1.2 K

තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළේය.

ඉදිරියේදී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි. 

මාතලේ මහාධිකරණය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා තරංග ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කර තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *