Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන්ජන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ගොනු කළ පෙත්සමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙයි

6 months ago 8.1 K

මෙවර මහමැතිවරණය සදහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සදහා තරඟ වදින රන්ජන් රාමනායක මහතාගේ අපේක්ෂත්වයට එරෙහිව ගොනුකර තිබුණු පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

ඉදිරි මහ මැතිවරණයට තරගවැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධීකරණය අද තීන්දු කළා.

ඒ වග උත්තර කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි.

ප්‍රීති පද්මන් සූරසේන , කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපිද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කන්ඩායම් අපේක්ෂක මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *