Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු මිලට විකුණන වාහන මිලට ගන්නේ බලාගෙනයි! පොලිසියෙන් දැනුම්දීමක්!

5 months ago 4.2 K

නීති විරෝධී ලෙස එකලස් කර තිබෙන වාහන හා එහි පොත් ඉතා අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් තොරතුරු පළ කර තිබෙන ෆේස්බුක් ගිණුම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

ඒ පිළිබඳ තොරතුරු තිබෙන්නේ නම් 1997 අංකයට දැනුම්දෙන ලෙස හෙතෙම කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා

“වර්තමානයේදී ෆේස්බුක් හා සමාජ මාධ්‍යයන්හි වාහන හා එහි පොත් විකිණීමට පළකර තිබෙනවා. එම ෆේස්බුක් වෙනමම අධ්‍යයනය කරලා ඒවා සම්බන්ධව විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ කාරණය සම්බන්ධයෙන් සොයා බලන්න කියලා උපදෙස් දුන්නා.

නිසි පරිදි ලියාපදිංචි කර නොමැති හා නීතිවිරෝධී ලෙස එකලස්කරන ලද වාහන වැටලීමට රජය ක්‍රියාකිරීම නිසා සමහර පුද්ගලයන් විසින් අඩු මිලට ඒවා විකිණීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *