Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොලොන්නාවට යන ඉන්ධන නළයක පිපුරුමක්

6 months ago 2.5 K

තෙල් සංස්ථාවට අයත් කොලොන්නාව නිමාවේ ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන් මේ වනවිට ස්ථාන කිහිපයකින් ඉන්ධන කාන්දු වෙමින් තිබෙනවා.

කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන JET A1 නමැති ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රවාහනය කරන නළ මාර්ගයකට මෙලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

කොලොන්නාව නිමාවේ නිලධාරීන් අද (30) උදෑසන සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී  නිරීක්ෂණය වී ඇත්තේ මෙම නළය මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බවයි.

මෙම ඉන්ධන නළය ආශ්‍රිත ප්‍රදේශයේ වෝට් 33,000ක අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බවද වාර්තා වෙනවා.

මේ වන විට තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් හරහා  ඉන්ධන ඉවත් කරමින් සිටින අතර සංස්ථා නිලධාරීන් විසින් නළයේ අළුත්වැඩියා කටයුතු සිදුකෙරෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *