Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මේ රටේ දේශපාලනය කියන්නේම මඩවලක් – රවී කුමුදේෂ්

7 months ago 1.7 K

‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂය මේ වනවිට රටේ කැළඹිලි ඇතිකරපු පක්ෂයක් බව එහි මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම කැළඹිලි සහගත තත්ත්වය ඇති වී තිබෙන්නේ මහජනතාවට නොව ඇතැම් දේශපාලන පක්ෂවලට බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කුමුදේශ් මහතා මේ බව කියා සිටියා.

“මේ රටේ දේශපාලනය කියන්නේම මඩවලක්. මේ මඩවලට බහිනකොටම අපි දන්නවා මඩ ගහනවා කියලා. ඒත් අපි තවම අපේ අත්වල මඩ ගාගන්නේ නැතිව ඉස්සරහට යමින් ඉන්නවා. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ රට වෙනස් කරන්න පුලුවන් අනාගත දේශපාලන පක්ෂය හදන්න අපිට තවම පන්නරය තියනවා කියලා. පක්ෂය ඇතුලේ කැළඹිලි නැහැ. ඕනෑම කෙනෙකුට පක්ෂය ඇතුළට එන්න පුලුවන් වගේම යන්නත් පුලුවන්. ලංකාවේ මිනිස්සුන්ට මේවා හරිම හුරුයි. එහෙට පයිනවා. මෙහෙට පයිනවා. ඊයේ රෑ කිව්ව දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් අද උදේ කියනවානම් ඊයේ රෑයි අද උදේයි අතර කිසියම් සම්බන්ධ දෙයක් තිබෙන්න ඕන වෙනස් වෙන්න. අපි පුද්ගලයෝ විශ්වාස කරන්නේ නැහැ. ක්‍රමය පමණයි විශ්වාස කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *