හිටපු අමාත්‍යවරුන්ට ඔවුන් පාවිච්චි කරන රජයේ නිල නිවාස නැවත භාර දීම සදහා ලබා දී තිබුණු කාලසීමාව ඊයේ(30) දිනයෙන් අවසන් වී තිබේ.
ඒ අනුව, නිල නිවාස භාර නොදුන් මැතිඇමතිවරුන්ට එරෙහිව අද සිට නඩු දැමීම අරඹන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
එම අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කළේ අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් රජයේ නිල නිවාස භාර දී නොමැති බවයි.
නිල නිවාස භාර දී මේ දී හිග ජල බිල්පත් සහ විදුලිබිල්පත් සම්පූර්ණයෙන් ගෙවා එම නිල නිවාස භාරදිය යුතු අතර, එසේ නොවන්නේ නම්, එම නිල නිවාස රජය භාර නොගන්නා බවද නිවේදනය කර තිබේ.