Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක වැටුප ඉහළ දමනවා – ජනපති

5 days ago

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ මාතර දිස්ත්‍රික් ජන රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ(30) පැවැත්වුණා.

පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“කැබිනට් මණ්ඩලය හොඳ ශක්තිමත් තැනක්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අපි තුන්දෙනයි. ජනාධිපති අගමැති ඇමති. ලෝකේම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්. එතකොට එයාලා කල්පනා කරනවා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඇතිවීමට ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා. ඒ සඳහා තමයි ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණ කරන්න පටන්ගෙන තියෙන්නේ. ඉතාමත් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටිනවා. රජ්‍ය සේවකයින්ට වැඩි වැඩි කරන්න තීන්දු කළාලු, සල්ලිත් වෙන් කරාලු. කැබිනට් මණ්ඩලයත් අනුමත කරාලු. ඉතින් දෙන්න තිබුණා නේ. ඔයා අනුමත කරාත් එකයි නැතත් එකයි. සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා. මේ සමාජය තුළ දෙදරීමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගෙනදුන්නේ ජාතික ජන බලවේගයට රාජ්‍ය සේවකයා. ඒ නිසා එතන බිඳවට්ටන්න මේ වගේ අසත්‍ය කරුණූ ඉදිරිපත් කරනවා. මාසයයි, දෙකයි, තුනයි මේක වැටෙයි කියනවා. මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ගොඩනගපු ආණ්ඩුව නතර වෙන්නේ මේ රට හදලා මිස මේ ආණ්ඩුව නතර කරන්න බැරි බවත් මතක තියා ගන්න.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *