මාසික මිල සූත්‍රයට අනුව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා.
පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යමින් පැවතියා.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැනට පහළ අගයක් පැවතීම තුළ ලංකාවේ ද ඉන්ධන මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු කළ හැකි බවයි විශේලේෂකයින් පවසන්නේ.
නමුත් මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් රජය නිල වශයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.