බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබේ.
ඒ, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් M.M නයිමුදීන් මහතා සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ අනුව, ඉදිරියේදී එම මිල ඉක්මවා බිත්තර අලෙවි නොකිරීමට අදාළ උපදෙස් ලබාදුන් බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.