හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
ඔහු මේ බව පැවැසූවේ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට එරෙහිව රොස්මිඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා කියා සිටියේ මේ රටේ තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා ලබාදී ඇත්තේ ජීප් රථ 2 ක්, යතුරු පැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් බවද කී ගමගේ මහතා ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සලසා දෙනුයේ ත්‍රිරෝද රථයකින්දැයි ප්‍රශ්න කළේය.
මෙරට වැඩිම තර්ජනයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනුයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මනදොළ පිනවීමට දැයි ඇසූ ගමගේ මහතා කියා සිටියේ කිසියම් පිරිසකගේ උවමනාව මත හිටපු ජනාධිපතවරයාගේ ආරක්ෂාව අඩු කර ඇති බවය.