2025 ඉන්දීය ප්රිමීයර් ලීග් ක්රිකට් තරගාවලියට අදාළ ක්රීඩක වෙන්දේසියට පෙර සංචිතවල රදවා ගන්නා ක්රීඩක ලැයිස්තුව
තහවුරු කිරීම සදහා අයි.පී.එල් කණ්ඩායම් වෙත ලබා දී තිබූ කාලය ඊයේ පස්වරුවේ අවසන් වුණා.
ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක එළැඹෙන තරගාවලිය සඳහාද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේම රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර CSK කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයින් 5 දෙනෙකු රඳවා ගැනීමටයි එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර තිබෙන්නේ.
එහිදී මතීෂට ශ්රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමි වනවා.