මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස අද (03) නම් කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ, මේ සමගාමීව හෙට දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2,090ක් විවෘත කොට තබන බවයි.
එම ලිපි බෙදීම සඳහා කාර්ය මණ්ඩලය 8,000ක් අනුයුක්ත කොට ඇති බවද ඔහු පැවසුවා.
ඒ අනූව හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට නියමිතයි.
නිල ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වැනිදා තෙක් සිදුකිරීමටයි සැලසුම් කොට ඇත්තේ.