Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් දරුවන්ගේ මාපියන්ට අනතුරු ඇඟවීමක්! රට පුරා ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි හා වතුර බෝතල්!

5 months ago 5.2 K

පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙලෙස ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

මෙම උපකරණ ඉතාමත් අවදානම් ලෙස දරුවන්ට බළපෑම් කරන බව මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

“දරුවෝ භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල් 75%කට එහා ප්‍රමාණයක් නුසුදුසු ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කරපුවා කියලා ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. චීනය වැනි රටවලින් ආනයනය කරනවා පාලනයකින් තොරව. ඉතාමත් අවදානම් විදිහට දරුවන්ට මේවා බළපෑම් කරනවා.”

පාසැල් දරුවන් වෙනුවෙන් වෙළඳපොලේ ඇති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ප්ලාස්ටික් කෑම පෙට්ටි මිලදී ගැනීමට මව්පියන් පෙලඹී සිටින නමුත් එහි ප්‍රමිතිය පිළිබඳව බොහෝ මව්පියන් උනන්දුවක් නොදක්වන අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ මව්පියන් මිලෙන් අඩු ප්ලාස්ටික් වතුර බෝතල් හා කෑම පෙට්ටි දරුවන් වෙනුවෙන් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා.

කෙසේ වෙතත් ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතයෙන් මතුවන සෞඛ්‍යය අවදානම ඉතා ඉහළ වන අතර ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බව ලෝක පිළිකා සංගමය ද අනාවරණ කර තිබෙනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *