Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගමැතිනියට UDV පක්ෂයෙන් බරපතළ විවේචනයක්

1 month ago 7 K

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ‘වෘත්තීය සමිති විසුරුවා හරිනවාය කියන ප්‍රකාශය’ හෙළා දකින බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක රවී කුමුදේශ් මහතා පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක්, මැතිවරණයෙන් පසු වෘත්තිය සමිති විසුරුවාහරින බවත්, වෘත්තීය සමිති ජනතාව පීඩාවට පත් කරන බවත් ප්‍රකාශ කර තිබු බවයි කුමුදේශ් මහතා පෙන්වා දුන්නේ.

අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා කියා සිටියේ හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍යධූරයට පත්වූවායින් පසූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භාවිතාව අනුගමනය කරන කෙනෙකු බවට පත්ව ඇති බවයි.

“හරිනි අග්‍රාමාත්‍යධූරයට පත්වුණාට පස්සේ ඇයගේ ප්‍රකාශවල තියෙන්නේ දේශපාලනයට වඩා උද්දච්චකම.. ඇය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භාවිතාව අනුගමනය කරන කෙනෙක් බවට පත්වෙලා.. ඇයට මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ ඇයගේ නිහතමානීකමට.. ප්‍රතිවාදියෙක් වුණත් වේදිකාවක දේශපාලන විවේචනයක් කරනකොට ඒකට අදාල ප්‍රතිඋත්තරය දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති විදිහට ලබාදෙන්න අපේ රටේ දේශපාලකයන් පුරුදුවෙන්න ඕනේ.. එහෙම නැතුව බලය ලැබුණු පසු වෙනස් වෙන, අනිකාගේ මත නොඉවසන, ඒවා අවඥාවට ලක් කරන දේශපාලන භාවිතාවකින් සැබෑ ක්‍රම වෙනසක් ඇති කරන්න බැහැ..”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *