හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 09 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ ශ්රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන හිතාමතාම කූඨ ලේඛන ඉදිරිපත් කර මෙරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේද අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඉන් අනතුරුව නඩුවේ නඩු භාණ්ඩ සුරක්ෂිතව ආරක්ෂිත සේප්පුවක රඳවා තබන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කළ අතර එසේම ජනවාරි මස 09 වනදාට පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කරනු ලැබූවා.