Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෘත්තීය සමිතිවලට ඇමති විජිතගෙන් රතු එළි

1 month ago 6 K

දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජන පටන් ගන්නා බවට නැවත ලිපි එවා ඇති බව ත් දේශපාලනික වුවමනාවන් මත ක්‍රියාත්මක වීමට උත්සාහ කරන බව පැහැදිලි බව ත් ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බව ත් අමාත්‍යවරයා කීය.

අවුරුදු ගණනක් පැවති උසස්වීම් හා බඳවා ගැනීම් පිළිබඳ දුම්රිය සේවක ප්‍රශ්නවලට දින දෙකෙන් විසඳුම් ලබාදිය නොහැකි බව ත් පැවැසූ අමාත්‍යවරයා ජනතාව ජනවරම ලබා දුන්නේ ඔවුන් පීඩනයෙන් මුදාගැනීමට බව ත් පටු දේශපාලන වාසි වෙනුවෙන් වැඩ කිරීමට නොවන බව ත් වැඩිදුරට ත් පැවසීය.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දුම්රිය සේවකයන් වෙනුවෙන් වූ ගැටලුවට විසඳුම් ලබා දෙන බව පැවැසූ ඇමැතිවරයා මේ අනුව වෘත්තීය සමිතිවල ගැටලු සඳහා විසඳුම්දීමට සාධාරණ කාලයක් අවශ්‍ය බව ද කීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *