විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට දිනයක් වෙන්කරවා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව http://www.immigration.gov.lk/ යන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකියි.
මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද (04) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය කියා සිටියේ ලබන 6 වැනිදා සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවයි.
විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ජනතාව අපහසුතාවට සහ අසීරුතාවට පත්වූ බව නිරීක්ෂණය වූ හෙයින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගත් බවද ඇය එහිදී ප්‍රකාශ කළා.
ඒ අනුව දවසේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඕනෑම පුද්ගලයෙකුට මෙම වෙබ් අඩවිය හරහා දිනයක් වෙන්කරගැනීමේ හැකියාව පවතිනු ඇති.
නොවැම්බර් මස අවසාන වනතෙක් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දින ලබා දී අවසන් බවත්, ඒ හේතුවෙන් දෙසැම්බර් මස මුල සිට ඒ සඳහා දිනයක් වෙන්කර ගත හැකි බවත් ඇය පැවසුවා.