Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජොන්ස්ටන් දාපු පෙත්සම ඉල්ලා අස් කරගනී

7 months ago 3.5 K

කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධි ලෙස එකලස් කරන ලද BMW මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් තානි සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ තම සේවාදායකයාට මේ වන විට මහේ ස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී ඇති හෙයින් මෙම පෙත්සම පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *