Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පසුගිය ආණ්ඩුවේ ගිවිසුම නිසා සිපෙට්කෝ ලාභ ලැබුවත් අනෙක් සමාගම්වලට පාඩුයි නම් ඉන්ධන මිල අඩු කරන්න බෑ – ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති

7 months ago 1.6 K

සංස්ථාව ලාභ ඉපැයූවත් එම ලාභය මෙරට ඉන්ධන පාරිභෝගිකයන් වෙත ලබා දීමේ නොහැකියවක් නිර්මාණය වී ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපති ඩී.ජේ.ඒ.එස් රාජකරුණා මහතා පවසයි.

මේ තත්ත්වය උදා වී ඇත්තේ, පැවති රජය, මෙරට ඉන්ධන වෙළද පොළ වෙත පැමිණි විදේශීය සමාගම් සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම් හේතුවෙන් බව ඔහු වැඩි දුරටත් පවසයි.

විශේෂයෙන්ම, එම ගිවිසුම් අනුව, ඉන්ධන මිල තීරණය කළ යුත්තේ මිල සූත්‍රයට අනුවයි. මිල සූත්‍රයෙන් බැහැර වීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට බලයක් නැත.

මෙය එක් පැත්තකින් හොද තත්ත්වයකි. එමගින් මැතිවරණ සමයකදීවත්, ඡන්ද වාසි ලබා ගැනීම සදහා, පවතින රජයකට ඉන්ධන මිල හිතූ මනාපයේ අඩු කළ නොහැක. ඉන්ධන මිල සංශෝධනය කළ යුත්තේ මිල සූත්‍රයට අනුව, ඛණිජතෙල් නීතිගත සංස්ථාවට පාඩු නොවන ලෙසයි.

විදේශීය සමාගම්ද වෙළද පොළට ඇවිත් තිබෙන නිසා, එම සමාගම්වලට පාඩු සිද්ධ වන ලෙස ඉන්ධන මිල අඩු කිරීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාවට කළ නොහැක. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මිල සූත්‍රය නොතකා හරිමින් කරන ඉන්ධන මිල අඩු කිරීමක දී අනෙකුත් සමාගම් පාඩු ලබන්නේ නම්, එම පාඩුව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එම සමාගම් වෙත පියවිය යුතුය.

කෙසේ වෙතත්, මේ වන විට පවතින තත්ත්වය අනුව, ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලාභ උපයමින් සිටියි. නමුත්, මේ තත්ත්වය මත මේ වන විට ඉන්ධන මිල පහත හෙළීම ගැටළුවක් වී තිබෙන අතර, එය විසදා ගැනීම සදහා රජය කටයුතු කරමින් සිටින බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *