මිල සූත්‍රය අනුව ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවන් හෝ ක්‍රියාකරුවන්ගේ මිල නියම කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය X ගිණුමෙහි සටහනක් තබමින්.
එහිදී හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාව යනු තවත් ක්‍රියාකරුවකු මිස කර්මාන්තයේ නියාමකයා නොවන බවයි.
පසුගිය ආණ්ඩුව සෙසු ඛනිජ තෙල් බෙදා හරින්නන් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට නොහැකි බව එම සංස්ථාවේ සභාපතිවරයා පසුගිය සඳුදා(04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු ලෙස කංචන විජේසේකර මහතා අවධාරණය කළේ, ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය පිළිබිඹු කිරීම සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කළ බවයි.
එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාවට ඔවුන්ගේ මාසික මිල සූත්‍රයට අනුව අන් අයගෙන් ස්වාධීනව තීරණ ගැනීම් සිදු කළ හැකියි.
ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණය යටතේ පවතින තාක් කල් ඔවුන්ගේ පිරිපහදු ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.
තම අලෙවියෙන් හෝ මිලකරණයෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට පසුගිය රජය වෙනත් කිසිදු ක්‍රියාකරුවකු සමඟ ගිවිසුම් ගත නොවූ බව ද කංචන විජේසේකර මහතා පෙන්වා දෙනවා.