Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආයුධ පෙන්වන්න ගොස් සැකකරුවෙකු stf වෙඩි පහරින් මරුට! stf නිලධාරීයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

7 months ago 6.4 K

2022 වර්ෂයේ ඔක්තෝබර් 12 වැනි දින ගාලු පාරේ අහුංගල්ලේ තරු පහේ හෝටලයක් ඉදිරිපිට දි මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ගිනි අවියක් පෙන්වීමට යෑමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සඟවා තිබූ ගිනි අවිය රැගෙන එම ගිනි අවියෙන් වෙඩි තැබීමට තැත්කිරීමේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් තබන ලද වෙඩි පහරින් තුවාල ලබා බලපිටිය මූලික රෝහල ගෙනයන අතරතුරදී මියගොස් තිබෙනවා.

ඇහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය බණ්ඩරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගනය අසල කැලෑ රොදක් තුළ ගිනි අවිය පෙන්වීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක් වූයේ තනමල් විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කටුවන ගම් ආචාරිගේ මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙක්.

මේ සිද්ධිය සම්බන්ධ නඩුව බලපිටිය මහාධිකරණයේදී විභාග වෙමින් පවතින අතරතුර එහිදී මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් පොලිස් විශේෂය කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ මහතාට එරෙහිව ඔහු විසින් තම ඥාතියා වෙඩි තබා මරා දැමූ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කල අතර එය විභාගයට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග ලබා දුන් අතර මෙම නඩුව බලපිටියේ මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණා.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසූ අතර නීති පතිවරයා විසින් 05 දින ලිපියක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙහි කිසිදු පුද්ගලයකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති අතර මෙම නඩු විභාගය දෙසැම්බර්ද 10 ක්වා කල් තබන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *