Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී පාද වන්දනාවාරය ඇරඹෙන දිනය පිළිබඳව දැනුම්දීමක්

7 months ago 2.2 K

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් (14) දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මාර්ග 4ක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව, සමන්දේව ප‍්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ (14) දින ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම කරවීම සිදුකරනවා.

අනතුරුව ශ්‍රි පාද පත්මය සුවද පැණින් දෝවනය කිරිමෙන් අනතුරුව පැවැත්වෙන ආගමික චාරිත්‍රවලින් පසුව 2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ.

මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමට ශ්‍රි පාද කටු රැස්විමේදි ඊයේ (05) දින තිරණය කළ බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පැවසුවේ.

අවාරයේ පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සමන්දේව ප‍්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ දෙසැම්බර් (12) දින පිටතට වඩමම්මවා විශේෂ ආගමික වාතවත් සිදුකරනවා.

එම පුජාවන්වලින් අනතුරුව (13) දින අලුයම රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක් ගමන් කරනවා.

රත්නපුර, පලාබද්දල මාර්ගයේ එක් පෙරහැරක්ද තවත් පෙරහැරක් කුරුවිට, එරත්න මාර්ගය ඔස්සේ සහ අනෙක් පෙරහැර බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *