Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති විජිත හදිසියේම කොළඹ වරායට

7 months ago 4.8 K

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ වසර 2ක පමණ කාලකයක සිට පවතින බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වී සිටින බවය.

වසර දෙක තුනකට පමණ ඉහතදී සියලු ක්‍රමවේදයන් අනුගමනය කරමින් වුවද දිනකට බහලුම් 1,800ක් 2,000ක් පමණ වරායෙන් පිටත්කළ හැකි වූ බවද ඔවුන් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් අද වනවිට බහාලුම් වරායෙන් පිට කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවන බවත්, ටෝකන් අංකයක් ලබාදුන්තද එම පිළිවෙළට බහලුම් වරායෙන් පිට නොවන බවත් ඔවුන් පැවසීය.

එමෙන්ම ඇතැම් සේවයක් මත්පැන් පානය කර රාජකාරී සිදුකරන බවත්, තවත් සමහරු රාජකාරිය පැහැරහැර අවමගල්‍ය උත්සවලට සහභාගිවීම මෙම ප්‍රමාදයන්ට හේතු බවද හෙළි කළේය.

එමනිසා නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, වංචාවෙන් දූෂණයෙන් තොරව තමන්ට නිදහසේ බහාලුම් නිෂ්කාශන කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙසය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *