Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෝටි 1,000ක් වංචා කළ මූල්‍ය සමාගමක හිමිකරු හා බිරිඳ අත්අඩංගුවට

4 months ago 4.8 K

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද (08)  අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ නැමැති 52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර , ඔහු අද අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 189 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණි මොහු පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත  කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පසුව ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ , මොහුගේ බිරිඳ , ගාල්ලේ වඩුගමගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර නැමැති 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

“ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නැමැති පිරමීඩ මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහළ් නිවාස සංකීර්ණයක් ඉදි කර පැවතීම , එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිළ දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස්  ඇති බව අධිකරණ විමර්ශන වලදී  අනාවරණය වී තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා අද උදෑසන , කොළඹ , කොටුව  මූල්‍ය සහ වානිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ .

ඊට අමතරව කොළඹ නාරාහේන්පිට නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය මගින් ද මොවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බැවින් , එම කොට්ඨාසය වෙත ද මොවුන් යොමු කිරීමට නියමිතය .

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *