මුලතිව් ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකුගේ මළ සිරුර ඔහු සේවය කරන පුල්මුඩේ මහා විද්‍යාලයේ ගුරු නිවාසයක් තුළ තිබී ඊයේ (07) පොලිසියට හමු වී තිබෙනවා.
මුලතිව් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම ගුරුවරයා ඔහුගේ ස්ථාන මාරුවීම සකසා ගැනීම පිණිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත යන බව විදුහල්පතිවරයාට හා ඔහුගේ මිතුරන්ට ප්‍රකාශ කර ඇති අතර, ඉන් පසුව ඔහු පාසල තුළ දැක ගන්නට ලැබී නොමැති බවට සඳහන්.
ඔහුගේ බිරිඳ මුලතිව් සිට ගුරුවරයාට දුරකථන ඇමතුම් කීපයක්ම ලබා ගත් නමුත් ඔහු ඒවාට පිළිතුරු ලබා නොදීම නිසා පාසලේ ගුරුවරියකට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගැන විමසා තිබෙනවා.
එම අවස්ථාවේදී පාසලේ ගුරුවරු පිරිසක් ඔහු නේවාසිකව සිටි ගුරු නිවාසයට ගොස් බලන විට යට ඇදුමක් පමණක් ඇතිව ඇදක් මත මියගොස් සිටි ගුරුවරයාගේ මළ සිරුර හමු වී තිබෙනවා.
ඔහුගේ කකුල්වලින් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබූ බවය ගුරුවරු කිය සිටින්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්