නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව ලබන සඳුදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගන්නා බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඔවුන්ට හිමි මුදල ලබන අඟහරුවාදා දින සිට අස්වැසුම් ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ.
එසේම මීට පෙර අස්වැසුම සහනාධාරය සාධාරණ හේතුවක් නොමැතිව, නොලැබී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සමාජ සේවා අමාත්‍යංශයෙන් විශේෂ කමිටුවක් ද පත් කෙරුණා.
ඊට අදාළ තොරතුරු ප්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමටද සිදු කර තිබෙනවා.