Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැදුරු ඔයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

1 month ago 1.6 K

පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පවසනවා.

විවෘත කර ඇති දොරටු හයෙන් හතරක් අඩි 5 බැගින් සහ දෙකක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 16,600 ක ජල පරිමාවක් මුදා හැරෙන බවත් දැදුරුඔය පහළ ප්‍රදේශ වල පදිංචි ජනතාවට සහ දැදුරුඔය ආශ්‍රිතව කටයුතු කරන පිරිස් වලට සැළකිලිමත් වන ලෙසද ඔහු සදහන් කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් නොවන අතර එම ප්‍රදේශවලට ලැබෙන වැසි තත්වය අනුව එය වෙනස් විය හැකි බවයි.

දැදුරුඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 60,000 ක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *