Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිනුවන්ගොඩ කෝටි හතේ කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

4 months ago 5 K

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් සොයාගෙන තිබේ.

මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් ලෙස කටයුතු කර තිබූ අතර, අනෙක් පුද්ගලයා මෙම කොල්ලකෑමේ සිද්ධියට සහයෝගය දැක්වූ අයෙක්ය. 

මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර එම රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා නොවැම්බර් 18 වැනිදා රුපියල් කෝටි හතහමාරක මුදලක් රැගෙන එම රථයෙන්ම පළාගොස් තිබුණි. 

ඒ අනුව ගම්පහ කොට්ඨාස මර්දන විමර්ශන ඒකකය හා මිනුවන්ගොඩ පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *