Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෘදයාබාධයක් වැළඳී දේශීය ක්‍රිකට් තරගයක් අතරතුරදී මරුට

2 weeks ago 6.4 K

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් තරගයක් අතර තුර හෘදයාබාධයකින් මිය ගිය පුවතක් එරට මාධ්‍ය ඊයේ (29) වාර්තා කර තිබෙනවා.

ඉම්රාන් පටෙල් නම් ක්‍රීඩකයා මෙලෙස මිය ගොස් ඇත්තේ පෙරේදා (28) පැවති තරගයක් අතර තුරයි.

35 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ ගාවර් ක්‍රීඩාංගණයේ පැවති තරගයක දී පන්දුවට පහර දෙමින් සිටිය දී හදිසියේ අසනීප වී තිබෙනවා.

ආරම්භක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහරදීමට පැමිණි ඉම්රාන් පිටියේ ටික වේලාවක් ගත කිරීමෙන් පසු පපුවේ සහ අත්වල වේදනාව ගැන විනිසුරුවරුන්ට දන්වා තිබෙනවා.

තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුට පිටියෙන් ඉවත් වීමට විනිසුරුවරුන් අවසර ලබාදීමේ පසු ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමේ දී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම අවස්ථාවේ දී ඔහුට පිටියෙන් ඉවත් වීමට විනිසුරුවරුන් අවසර ලබාදීමේ පසු ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමේ දී ඇද වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉම්රාන් පිටිය මැද ඇද වැටීමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට රැගෙන යන විටත් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *