Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රදේශ රැසක වායූ ගුණාත්මකභාවය පහළට! ස්වශන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න!

2 weeks ago 6.2 K

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය සඳහන් කළේ, යාපනය, කොළඹ වැනි නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවයි.

අද දිනයේ වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරය 108 – 116ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර යාපනයේ මෙන්ම පොළොන්නරුවේ එම තත්ත්වය 112- 120ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

ඊට අමතරව කුරණෑගල, වව්නියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම වායු ගුණ තත්ත්ව දර්ශකය 100ට වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වායු ගුණ තත්ත්ව දර්ශකය අනුව 0-50 අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමකි.

කෙසේ නමුත් 101-150 අතර සුළු වශයෙන් අහිතකර වන අතර, 151 – 200 දක්වා අහිතකර මට්ටමකි.

එමෙන්ම 201- 300ත් අතර ඉතා අහිතකර වන අතර, 301 -500 අනතුරුදායක වේ. 

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය ඉල්ලීම් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *