Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තත්පර 90ක වෙළද දැන්වීම හදන්න ජනතා බදු මුදලින් රුපියල් ලක්ෂ 1740ක් වැයකරලා

2 weeks ago 8.4 K

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් සෑදීම සඳහා රුපියල් ලක්ෂ 1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව විගණනයකින් සොයාගත් බව එහි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ “ඌව අභිමානි ප්‍රදර්ශනය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි අමාත්‍යාවරයා කර්මාන්තකරුවන් හා නිළධාරීන් අමතමින් එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යාවරයා,

“මම අමාත්‍යංශයේ වැඩ බාරගෙන ප්‍රථමයෙන්ම විගණන අංශයේ නිළධාරීන් ගෙන්වලා සාකජ්ජාවක් කළා. එහිදී තමයි දැනගන්න ලැබුනේ අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව, ඒ මුදල දැන්වීමට ගියාද වෙන කොහාට හරි ගියාද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනි.

විනාඩි එක හමාරට වැය කරපු මුදල ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයටවත් ලැබිලා නැතුවා ඇති.

අපිට මේ රට සුද්ද කරලාම හදන්න වෙනවා මේවා අනවශ්‍ය දේවල් වසර 76ක් බිද වැටුන රට එක දවසකින් අපිට හදන්න බෑ නමුත් කොහොම හරි අපි හදනවා”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *