බඳවාගැනීම සඳහා ලොවපුරා පැවති තරඟකාරී සෙවීමකින් අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්ය ගිෂාන් දිසානායක නම් කර තිබේ.
ඔහු හෙට (1) දින පීඨාධිපති ධුරයේ පත්වීම භාර ගැනීමට නියමිතය.
පසුගිය වසර 30 තුළ එම විශ්වවිද්‍යාලය විසින් ව්‍යාපාරික පාසලේ පීඨාධිපති ධුරයට අභ්‍යන්තර අපේක්ෂකයකු තෝරා ගත් පළමු අවස්ථාව මෙයයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇති ඔහු, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
ශාස්ත්‍රවේදී උපාධියෙන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයට ඇතුළත් වූ ඔහු එහිදී ආර්ථික විද්‍යාව පිළිබඳ දර්ශනපති සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.