ඔක්තෝබර් මාසයේදී වෙළඳ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,158ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව පවසනවා.
එය පසුගිය වසරට වඩා 24.8%ක වැඩි වීමක්.
මේ සඳහා මූලික වශයෙන් කාර්මික සහ කෘෂිකාර්මික අපනයන මඟින් මෙහෙයවනු ලබන වෙළඳ භාණ්ඩ අපනයනයන් බලපා තිබෙන බව මහ බැංකු නිවේදනයේ සඳහන්.
2024 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 10.676ක් වූ අතර 2023 වර්ෂයේ එම කාලසීමාව තුළ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,910ක් බවයි වාර්තා වන්නේ.