මුලතිව් – සිලාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (29) දහවල් කාලයේ මෙම අනතුර සිදුව තිබෙනවා.
මියගිය පුද්ගලයා සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය පුත්‍රයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක තනිවම වාසය කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, සීතල හේතුවෙන් නිවස තුළ දල්වන ලද ගින්නක් ව්‍යාප්තවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මුලතිව් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.